Home Hit බංගදෙණිය ගඳ ගැස්වූ නරක් වූ සැමන් ටින්

බංගදෙණිය ගඳ ගැස්වූ නරක් වූ සැමන් ටින්

180
0

බංගදෙණිය ප්‍රදේශයට බැහැර කර ඇති නරක් වූ ටින්මාලු තොගයක් නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

මෙම ටින්මාලු තොගය බැහැර කර ඇත්තේ පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළට අයත් භූමියකටයි.

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් හළ ආසන්නයේම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාටින් ගොවිපල පිහිටා තිබෙනවා.

එම ගොවිපලට සත්ව ආහාර ලෙස ගෙන ආ ටින්මාලු කන්ටේනරයක් හේතුවෙන් ප්‍රදේශය පුරා දින කිහිපයකට සිට දුර්ගන්ධයන් පවිතන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පවතින අධික දුර්ගන්ධය හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් හලේ ව්‍යාපාරික කටයුතු වලටත් බාධා එල්ල වී තිබෙනවා.

බොජුන් හලේ ව්‍යාපාරිකයින් සිදු කළ දැනුම් දීමකට අනුව මෙම ස්ථානයට හලාවත පොලීසියද පැමිණියා.

එහිදී පොලීසිය කළ දැනුම් දීමකට අනුව ටින් මාලු තොගය වලදැමීමටයි කටයුතු කළේ.

නමුත් එම ප්‍රදේශයේ තවමත් දුර්ගන්ධය හමන නිසා බොජුන්හලේ ව්‍යාපාරිකයින්,ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන එක්ව අදත් හලාවත පොලීසියේ පැමිණිල්ලක් සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක් සඳහන් කළේ සත්ව ආහාර ලෙස යොදා ගත හැකි ද්‍රව්‍ය තමන් වෙත ලබා දෙන ලෙස පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් කර තිබූ ඉල්ලීමකට
අනුව ටින්මාලු කන්ටේනර් දෙකක් එම ස්ථානයට යොමු කළ බවයි.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ එම කන්ටේනර් විවෘත්ත කිරීම සිදු කරන්නේ රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාල ස්ථානයට ගෙන යාමෙන් අනතුරුව බවයි.

එහිදී එක් කන්ටේනරයක තිබූ ටින්මාලු සත්ව ආහාර ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබූ බව හෙලි වී තිබෙනවා.

එබැවින් එම ටින් මාලු තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව වලදැමීමට උපදෙස් දුන් බවයි ඇය සඳහන් කළේ

හලාවත ගඳ ගැස්සවූ නරක් වූ සැමන්.

හලාවත ගඳ ගැස්සවූ නරක් වූ සැමන්.

Posted by Newshub.lk on Saturday, October 17, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here