Home Hit බීමතින් පැමිණි රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති පහරදුන් බවට ලේකම්වරියගෙන් පොලීසියට පැමිණිල්ලක්

බීමතින් පැමිණි රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති පහරදුන් බවට ලේකම්වරියගෙන් පොලීසියට පැමිණිල්ලක්

257
0

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදුන් බව කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ (16) පැවති එම ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැඹෙන් ඉවත්වගිය අතර සභාපතිවරයා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්කෝන් මහතා බීමත්ව පැමිණ තමන්ට පහරදුන් බව පවසමින් එහි ලේකම්වරිය පසුගියදා මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

මේ අතර, ඊයේ පැවති ප්‍රාදේශීය සභා සැසිවාරයේදී අදාළ සිද්ධිය මුල්කර ගනිමින් මන්ත්‍රීවරුන් සභාපතිවරයාට විරෝධය පළ කළේය.

සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවාරය අතරතුර සභාවෙන් පිටව ගියේය.

එමෙන්ම රඹෑව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවට එහි විපක්ෂ නායකවරයා පවසයි.

කෙසේවෙතත් රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්කෝන් මහතා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here