Home Hit රෙෂිකා උඩුගම්පොළ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට

රෙෂිකා උඩුගම්පොළ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට

136
0

ජාතික ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිසමේ ලේකම් රෙෂිකා උඩුගම්පොළ මෙනෙවිය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අලෙවි ප්‍රවර්ධන අනුකමිටුවේ සභිකයෙකු ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 2011 පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලට පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙස සහභාගි වූ ඇය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ හා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආදි සිසුවියකි.

සිය ජාත්‍යන්තර තනතුර තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීමට අපේක්ෂා කරන බවත් එහි අරමුණ ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරදීම බවත් එම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෙෂිකා උඩුගම්පොළ මෙනෙවිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here