Home Coronavirus 2020 ධවල මන්දිරයට ආ විගස මුඛ ආවරණය ගැලවූ ට්‍රම්ප් (VIDEO)

ධවල මන්දිරයට ආ විගස මුඛ ආවරණය ගැලවූ ට්‍රම්ප් (VIDEO)

121
0

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පැය කිහිපයකට පෙර නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ ඇති බව CNN වාර්තා කරනවා.

ඒ වෛද්‍ය උපදෙස්ද නොසලකා හරිමින්.

Trump returns to White House

JUST IN: President Trump has returned to the White House after spending three nights at Walter Reed Medical Center for coronavirus treatment. After exiting Marine One, Trump walked up a set of stairs, took off his mask and posed for photographs on a balcony. https://cnn.it/2GIX3De

Posted by CNN on Monday, October 5, 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ ජනාධිපතිවරයා ඉකුත්දා වැඩිදුර ප්‍රතිකාර සඳහා වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු කරනු ලැබුවා.

නමුත් දින කිහිපයකට පසුව නැවතත් ධවල මන්දිරය වෙත පැමිණි ජනාධිපතිවරයා සිය මුඛ ආවරණයද මාධ්‍ය ඉදිරියේ ගලවා දමනු ලැබුවා.

ඉන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ කොරෝනා වෛරසයට බිය වීමට කිසිඳු හේතුවක් නොමැති බවයි.

200,000කට අධික ඇමරිකානු ජීවිත ප්‍රමාණයක් මෙම වෛරසය නිසා අහිමි වී ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය සහ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here