Home Business කොළඹ කොටස් හුවමාරුවෙන් වාර්තාවක්

කොළඹ කොටස් හුවමාරුවෙන් වාර්තාවක්

167
0

සැප්තැම්බර් මස තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට කොළඹ කොටස් හුවමාරුව පත්ව තිබෙනවා.

සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6 ක් වන අතර එය සියයට 12 ක වර්ධනයක් බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.

වෙළඳ ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව 96% කින් සැප්තැම්බර් මාසයෙදී මෙම අගය වර්ධනය වීම විශේෂත්වයක්.

සැප්තැම්බර් මාසයෙදී සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙම වාර්තාව පිළිබදව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පොළී අනුපාත යම්තාක් දුරකට පහත වැටී ඇති වාතාවරණයක් තුල තැන්පතු වශයෙන් රැදී ඇති මුදල් කොටස් වෙළදපොළ තුල ආයෝජනය වන රටාවක් මෑතකදී නිරික්ෂණය වූ බවයි.

මෙය ඉදිරි මාස කිහිපය තුල එලෙසම සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

කොටස් වෙළෙදපොලෙහි ලැයිස්තුගත සමාගම් කොවිඩ් වසංගතයෙහි මුල්‍යමය බලපෑම පාලනය කිරීම හේතුවෙන් අයෝජක ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවද කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here