Home Accident මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම මියගිය බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් හමුවෙයි

මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම මියගිය බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් හමුවෙයි

300
0

මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාගේ මව සහ පියාගේ සිරුරුත් සොයාගෙන තිබේ.

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු 5කින් සමන්විත ගොඩනැගිල්ලක් අද අලුයම ගිලා බැසීමකට ලක්ව තිබේ.

එහිදී යාබද නිවසක සිරවී සිටි මව, පියා සහ බිළිඳා බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

බිළිඳාගේ සිරුර අද උදෑසන සොයාගත් අතර, මීට ටික වේලාවකට පෙර මව සහ පියාගේ සිරුරු සොයාගනු ලැබිණි.

ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here