Home Hit “බුදු වුනෙත් අවුරුදු 35 දී. ජනාධිපති ධූරයේ වයස් සීමාව 30 ට ගෙන...

“බුදු වුනෙත් අවුරුදු 35 දී. ජනාධිපති ධූරයේ වයස් සීමාව 30 ට ගෙන ඒම අනවශ්‍ය වැඩක්” – මැදගොඩ අභයතිස්ස හිමි

126
0

ජනාධිපති ධූරය සදහා තේරී පත් වීමට නම් වයස අවුරුදු 35 ඉක්මවා සිටිය යුතු බවට වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පනවා තිබූ සීමාව, 20 වන සංශෝධනය මගින් වයස අවුරුදු 30 දක්වා අඩු කර තිබේ.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව පිහිටුවීමට මහත් සේ කැපවුණු මැදගොඩ අභයතිස්ස හිමියෝ, විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ, වයස අවුරුදු 35 සීමාව වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර ඇති බව ‘Headline News‘ වාර්තා කරයි.

ඒ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා, උන්වහන්සේ බැහැදැකීම සදහා සුනේත්‍රාදේවී පිරිවෙණයට පැමිණි අවස්ථාවේදීයි.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූවේත් වයස අවුරුදු 35 දී බව ප්‍රකාශ කළ මැදගොඩ අභයතිස්ස හිමියෝ, වයස අවුරුදු තිහක ගැටවරයෙකු රටක ජනාධිපතිවරයෙකු වීම එම රටේ අභාග්‍යයක් බවද පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here