Home Hit දකුණු ආසියාවේ වේගවත් මිනිසා වූ යුපුන් යළිත් ශ්‍රී ලංකා නාමය ලෝකය...

දකුණු ආසියාවේ වේගවත් මිනිසා වූ යුපුන් යළිත් ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ ඉහළින්ම තබයි

125
0

ස්විට්සර්ලන්තයේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට වත්මන් දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තා ලාභියා වන යුපුන් අබේකෝන්ට හැකි වුණා.

එහිදී ඔහු එම ඉසව්ව සඳහා තත්පර 10.24 කාලයක් වාර්තා කරමින් එහි තෙවැනි ස්ථනය දිනාගැනීමත් සමඟයි.

2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බානි තත්. 10.02ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර, ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමට හිමිකම් කියූ ඉතාලියේ ෆිල්ප්පෝ ටෝටු තප්පර 10.07ක කාලයක් වාර්තා කරමින් රීදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා .

25 හැවිරිදි වියේ පසුවන යුපුන් අබේකෝන් පසුගියදා පැවැති තරගයකදී තත්. 10.16කදී නිම කරමින් මීටර් 100 ඉසව්වේ දකුණු අසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වීමේ ගෞරවය හිමිකර ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here