Home Hit යාපනයේ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨයින්ගේ අලුත්ම ලිංගික ආසාව

යාපනයේ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨයින්ගේ අලුත්ම ලිංගික ආසාව

104
0

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසු සිසුවියන්ට ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් සජීවීව හා ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකර සිටින බවයි වාර්තාවන්නේ.

විශ්ව විද්‍යාල කාමරවල හා වැසිකිළි තුල සිට කෙරෙන මෙම ලිංගික ක්‍රියාවන් සමාජ මාධ්‍යන් ඔස්සේ නරඹන ජ්‍යෙෂ්ඨ සිසුන් ඒ ඔස්සේ තවත් අශීලාචාර ක්‍රියා සිදු කරණ ලෙසට උපදෙස් දෙන බවද වාර්තාවී තිබෙනවා.

මේ හේතුවෙන් නවක සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවේ සහ පරිපාලන අංශයේ කථිකාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබදව කිසිදු පැමිණිල්ලක් කොට නොමැති බවයි.

කවරෙකුගෙන් හෝ මේ සම්බන්ධව රහසිගතව හෝ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බව කී එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ එවැනි ක්‍රියාවන් ගණනාවක් සිදු වු බව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත් අඩංගුවට ගත් බවත් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරී මාසයේදී මේ අයුරින් නවක වදයට භාජනය වූ සිසුවකුගේ ජනනේද්‍රයේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here