Home Hit විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

42
0

විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකි වන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඇගයීමක් සිදුකර ඉදිරියේදී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ඇමති මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද ප්‍රකාශ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here