Home Hit ජනාධිපතිට මරණ තර්ජන කළ සිද්ධියට සැක කරුවෙක් ලෙස පොඩි ලැසීවත් නම්කරයි

ජනාධිපතිට මරණ තර්ජන කළ සිද්ධියට සැක කරුවෙක් ලෙස පොඩි ලැසීවත් නම්කරයි

55
0

බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ දෙවන සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නම් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මොහු තවදුරටත් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසටයි නියෝග කළේ.

අද උදෑසන සිටම ගාල්ල කොටුව බාල දක්ෂ මාවත සහ අධිකරණ සංකිර්ණය අසල දැඩි ආරක්ෂාව යොදවා තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි රැකවල් මැද පොඩි ලැසී අධිකරණයට රැගෙන එනු ලැබුවා.

අධිකරණය පටන් ගැනිමෙන් පසු ආරම්භයේදීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරතිබූ මෝසම කැඳවනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රකාශ කිරිමෙන් පසු විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දැඩි රැකවල් මැද පොඩි ලැසී බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here