Home Hit කූඨ ලේඛණ ඉදිරිපත් කර මාධ්‍ය හැඳුනුම්පතක් සකසාගත් UDA සේවකයා (PHOTOS)

කූඨ ලේඛණ ඉදිරිපත් කර මාධ්‍ය හැඳුනුම්පතක් සකසාගත් UDA සේවකයා (PHOTOS)

153
0

රටක සිව්වන ආණ්ඩුව ලෙස ක්‍රියා කරනු ලබන ජනමාධ්‍ය ලෝකයේ දේශපාලන සහ සමාජයීය දේහයේ නිරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් බව ලෝකයේ පොදු පිළිගැනීමයි. එහෙව් මාධ්‍යවේදියෙකුට ඕනෑම රටක සමාජයක ලැබෙන්නේ සුවිශේෂී වටිනාකමකි.

සැබෑ මාධ්‍යවේදියා නිරන්තරයෙන් ජනතාව උදෙසා සත්‍ය සහ සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන්නෙකු මෙන්ම සත්‍යවාදී සහ නීතිගරුක බව ඔහුගේ අවිය කරගනී.

සිය වෘත්තීය බාධාවකින් තොරව කරගෙන යාම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිළ හැදුනුම්පතක් නිකුත් කිරීම කලක සිට සිදු කරනු ලබන අතර එම හැදුනුම්පත ලබා දෙන්නේ ස්වාධීන මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය ආයතන වල රාජකාරී කටයුතු කරන අයවලුන් හා රාජ්‍ය ආයතන වල මාධ්‍ය අංශයන්ට අනුයුක්ත පුද්ගලයන් සඳහාය..

යම් ක්‍රමවේදයකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මාධ්‍ය හැදුනුම්පත වංචනික ආකාරයෙන් සකස් කිරීමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සේවක අංක 09553 යටතේ සේවය කරන ප්‍රදීප් සංජීව නැමති පුද්ගලයා මෙලෙස ව්‍යාජ ලෙස කුඨ ලේඛන සකස් කරමින් මාධ්‍ය හැදුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙකී පුද්ගලයා වෘත්තියෙන් පරිඝණක ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරන අතර වරින් වර දේශපාලනික සම්බන්ධතා මත නාගරික සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව කටයුතු කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් කිසිම අවස්ථාවක පරිඝණක ක්‍රියාකරුවෙකු වෙත මාධ්‍ය හැදුනුම්පත ලබා නොදෙන බව දන්නා මෙම තැනැත්තා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති ආයතනික හැදුනුම්පත වෙනස් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කුඨ ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ සදහා ඔහු යොදාගෙන ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය පැවති සමයේ (2010 – 2014) ආයතනය විසින් ලබා දුන් අනුක්‍රමික අංක 0072 දරණ හැඳුනුම්පතයි. එම හැඳුනුම්පත ස්කෑන් කර පරිඝණක ආශ්‍රයෙන් ඔහුගේ තනතුර වෙනුවට වීඩියෝ සංස්කාරක ලෙස තනතුරක් යොදා එහි පිටපතක් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත. එම පිටපත ආයතනයේ මානව සම්පත් කළමනාකාරතුමිය රවටා අත්සන් කර ගන්නා මෙම පුද්ගලයා අයදුම්පත සමග එම පිටපත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

එලෙස කුඨ ලේඛනයක් සකස් කරන ප්‍රදීප් සංජිව නැමති මෙම පුද්ගලයා මේ වන විට වීඩියෝ සංස්කාරක ලෙස සදහන් මාධ්‍ය හැදුනුම්පතක් ලබාගෙන ඇත. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීති ප්‍රකාරව බරපතල වරදක් වන අතර රාජ්‍ය ආයතනයක් කුඨ ලේඛන සකස් කර නොමග යැවීමේ වරදට මෙය ඇතුළත් වේ.

මේ සම්බන්ධව කිසියම් පාර්ශවයක් විසින් මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධව ආයතනය විසින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුදැනුම මත පරීක්ෂණයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

එලෙසම ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද අදාළ අයවලුන් විසින් පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ.

තවද මෙම තැනැත්තා මින් ඉහත වසර කිහිපයකදී ද මෙලෙස ව්‍යාජ ලෙස සිය රාජකාරී හැදුනුම්පතේ තනතුරු නාමය වෙනස් කරමින් මාධ්‍ය හැදුනුම්පත ලබා ගැනීමට කටයුතු කර ඇති බවද විමර්ශන වලදී හෙළි වී ඇති බව පැවසේ.

මෙම කටයුත්තට අදාළ සියලු ලේඛන පහතින් දක්වා තිබේ.

මාධ්‍ය හැඳුනුම්පත ලබාදීම සඳහා ඉල්ලුම් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති ලිපිය
ව්‍යාජ තොරතුරු මත පදනම්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here