Home Entertainment කලවැද්දා (PHOTOS)

කලවැද්දා (PHOTOS)

65
0

සත්ව පරිණාමයේ විවිධ අවදි තුල සිදුවූ වෙනස්වීම් හේතුකොට ගෙන අදවන විට එකිනෙකාට වෙනස් වූ සත්ව විශේෂයන් ගණනාවක් මිහිමත බිහිවී ඇත.

Animalia රාජධානියේ Chordate වංශයේ Mammalia වර්ගයට අයත් Carnivora ගෝත්‍රයේ උප ගෝත්‍රයක් වන Feliformia උපගෝත්‍රයේ Viverridae කුලයට අයත් Paradoxurus’ ගණයේ විශේෂයක් වශයෙන් සත්ව වර්ගීකරනයේ හඳුන්වන කශේරුවක් සහිත ක්ෂීරපායී සත්ව කාණ්ඩයට අයත් වන සිවට් (Civet) වර්ථමානය වන විට මිහිමත දක්නට ලැබෙන අපූරු සත්ව කාණ්ඩයකි.

Paradoxurus hermaphroditus  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කලවැද්දා , උගුඩුවා සහ ඉංග්‍රිසි භාෂාවෙන් ටොඩි කැට් (Toddy cat) වැනි නාමයන් කීපයකින් හඳුන්වන මෙම සත්වයන් කොටස් වශයෙන් කිහිපයකට බෙදා වෙන් කර හඳුනාගත හැකිය. (Paradoxurus aureus) හෙවත් Golden wet-zone palm civet (පැණි කලවැද්දා), ( Paradoxurus montanus) හෙවත්  Sri Lanka Brown Palm Civet (ශ්‍රී ලංකා බොර කලවැද්දා), Paradoxurus stenocephalus හෙවත්  Sri Lanka Golden Striped – Backed Palm Civet  (ශ්‍රී ලංකා රන් කලවැද්දා) , Paradoxurus Spp හෙවත්  Sri Lanka Mountain Palm Civet (ශ්‍රී ලංකා හෙල් කලවැද්දා) වශයෙන් මොවන් කොටස් හතරකට වෙන් කොට නාමකරනය කර ඇත.

ශරීර හැඩය පිළිබඳ සලකා බැලීමේදි මෙම සත්වයින් දිගින් ඉදිරිපස මුහුනේ සිට වලිගය දක්වා දිග සෙ.මි. 47- 56ක ප්‍රමාණයක් වන අතර සෙ.මි. 33 – 37ක් පමණ දිග ඒකාකාරී වලිගයක් ඇත.

මොවුන්ගේ සාමන්‍ය බර කිලෝගෑම් 2-3 පමණ වන අතර හොඳින් වැඩුණු සතෙකුගේ බර කිලෝගෑම් 5 කට වඩා අගයක් ගනී. ශරීරයේ පෘෂ්ඨීය පැත්ත කළු හෝ අළු පැහැයක් ගන්නා අතර පැහැදිලි වර්ණ රටාවක් දැකිය හැක.

උදරය පෙදෙස ලා අළු පැහැයක් ගන්නා අතර මුහුණේ කළු හා සුදු වර්ණ සලකුනු දක්නට ඇත.

ඇස් විශාල අතර සිරස් කණිකාවක් දැකගත හැකි වේ.

වාසභූමි රැසකින් හමුවන මොවුන් සදාහරිත හා පතනශීලී වනාන්තර අශ්‍රිතව බහුලව දැක ගැනීමටනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති මොවුන් ඉන්දියාව හා පිලීපීනය ආදී රටවලද ව්‍යාප්තව ඇති බව වාර්ථා වේ.

වාසස්ථාන ලෙස නාගරික ප්‍රදේශයන් හි නිවෙස් වල වහල හා සිවිලිම් අතර ඇති කුඩා හිස් ස්ථාන වල හා ග්‍රාමීය
පෙදෙස් සහ වනාන්තර ආශ්‍රිත ගස් බෙන සහ ගල් මත ඇති ආරක්ෂක කුහර තුල දිවි ගෙවයි.

මොවුන් සර්වභක්ෂක ආහාර රටාවක් දක්වන අතර මීයන්, කුකුලන් වැනි කුරුල්ලන්, මකුළුවන්, හා කුඩා සර්පයන් ආහාරයට ගනී. එමෙන්ම ගස්ලබු,පැෂන් ෆෘට්, අන්නාසි,කෙසෙල් ආදී පළතුරු සඳහාද ප්‍රියතාවයක් දක්වයි. මොවුන් නිශාචර සත්ව කොට්ඨාසයක් වන අතර මධ්‍යම රාත්‍රී කාලයේදී වඩාත්ම ක්‍රියාශීලි වෙමින් ආහාර සොයා
ගමන් කරයි. දැඩි ආලෝකයට අකමැත්තක් දක්වයි.

කුඩා පවුල් වශයෙන් දිවි ගෙවන මොවුන්ගේ ස්ථීර ප්‍රජනන කාලයක් නොමැති අතර වසරේ අග භාගයේදී වැඩි වශයෙන් පැටවුන් දැක ගැනීමට හැකියව ඇත.

මාස දෙකක පමණ ගැබ් කාලයක් පවතින අතර වරකට පැටවුන් 3 – 4 ක් පමණ බිහි කරයි. ඉපදෙන විට ගෑම් 70-100ක් පමණ බරකින් යුක්ත මොවුන් අවුරුද්දක් පමණ ගත වීමේදී ලිංගිකව පරිණත වේ.

දිනෙන් දින සිදුවන වනාන්තර විනාශය සහ මාංස පිනිස දඩයම් කිරීම වැනි හේතූන් වර්ථමානයේදී මෙම සත්වයන්ට විශාල තර්ජනයක් වී ඇති අතර අතීතයේ දී මොවුන් විශාල වානිජ වටිනාකමකින් යුත් සත්ව කොට්ඨාසයක් වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහාද යොදාගෙන ඇති සුවිශේෂී සත්ව කාණ්ඩයක් වේ.

පේශල පසන් කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here