Home Hit ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

43
0

රත්නපුර – අවිස්සාවේල්ල මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් නැදුන්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පිටුපසින් පැමිණි ලොරි රථයක්, ඔවුන් ගමන් කළ ත්‍රීරෝද රථයේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගිය පුද්ගලයින් අවුරුදු 48, 53 සහ 57 යන වයස්වල පසුවනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර, කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මගී බස් රථයක් සහ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here