Home Hit සිවාජිලිංගම් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට

සිවාජිලිංගම් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට

21
0

මියගිය LTTE සාමාජිකයෙක් වන තිලීපන්ගේ ගුණ සැමරුම් අත්හිටුවමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා සහ තවත් සැකකරුවෙක් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වුනේ කෝපායි අන්තන්කෛයි වත්ත ප්‍රදේශයේදියි.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වැකි සහත බැනරයක් ප්‍රදර්ශනය කරමින් පහත් පත්තු කර තිලීපන් ගුණ සැමරුව පවත්වන අවස්ථාවේදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කෝපායි පොලිසිය විසින් මෙහෙයවනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here