Home Hit මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන් කිරීමට ජනපති නියෝග

මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන් කිරීමට ජනපති නියෝග

39
0

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිලධාරීන්ට පවරා තිබෙනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියක් බවත් ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇති බවත් එහිදී ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here