Home Hit ‍රාජ්‍ය ආයතනයක ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය 2015?

‍රාජ්‍ය ආයතනයක ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය 2015?

99
0

නිවාස සංවර්ධන අධිකාරියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයකු එහි සේවය කරන සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් මේ දිනවල සාමාජ මාධ්‍යවල සංසරණය වූ අතර මාධ්‍ය විසින් එය වාර්තා කරනු ලැබුවා.

මෙම සිද්ධිය 2015 වසරේ සිදු වූවත් ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ප්‍රකාශ කරමින් සහාධිපත්‍ය කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා නිකුත් කර තිබෙනවා

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා වන නීතීඥ සරණ කරුණාරත්න මහතාගේ අත්සන සහිතව ඊයේ (15) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් දියත් කර ඇති බවත්, ඒ සම්බන්ධව අධිකාරියේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.

එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රපාල දිසානායක මහතාගෙන් මෙම වීඩියෝව සම්බන්ධයෙන් Newshub.lk දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් විමසූ විට ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

විවිධ මාධ්‍ය ආයතන විසින් විවිදාකාරයෙන් මේ සම්බන්ධව වාර්තා කරන ලද නමුත් සමඟ කළ සංවාදයේදී 2015 වර්ෂයේ සිදුවීමක් ගැන කිසිදු සඳහනක් සිදු නොවිණි.

මෙම සිද්ධිය NewsHub වාර්තා කළේ මෙලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here