Home Business ප්‍රාග්ධනය සම්බන්ධයෙන් බෞද්ධ චින්තනය භාවිතා කළ කිසිඳු ව්‍යවසායකයෙක් වැටිලා නෑ – දිලිත්...

ප්‍රාග්ධනය සම්බන්ධයෙන් බෞද්ධ චින්තනය භාවිතා කළ කිසිඳු ව්‍යවසායකයෙක් වැටිලා නෑ – දිලිත් ජයවීර

86
0

ශ්‍රී ලංකික ව්‍යවසායකයාට යම් තැනකදී වැරදි ඇතිනම් එය වැරදි ඇත්තේ ප්‍රාග්ධනය නිර්මාණය කර ගැනීමේදී හා ධනය භාවිතයේදී බව ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පවසයි.

කොළඹ පැවති දේශීය ව්‍යවසායකයින්ගේ උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

ප්‍රාග්ධනය නිර්මාණයේදී බුදු දහමේ පෙන්වා ඇති පරිදි එය කොටස් 4කට වෙනකොට එක් කොටසක් පරිභෝජනයටද කොටස් දෙකක් ආයෝජනයටද අනෙක් කොටස ආපදාවකදී භාවිතාව සඳහා ඉතිරි කරන්න ලෙසද සඳහන් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම චින්තනය භාවිතා කළ කිසිදු ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යවසායකක් ව්‍යාපාරික වශයෙන් පරිහානියට ලක්වී හෝ දියුණුව අදාළ වී හෝ නොමැති බව ඒ මහතා පෙන්වා දෙන ලදී.

ධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ධනය ඉපයීමේදී එය දැහැමිව ඉපයිය යුතු බවත් එසේ කිරීමෙන් තමාගේ ආත්ම අභිමානය වැඩි දියුණු වී සන්නමයක් බවට පත්වන බවයි.

නිෂ්පාදන භාණ්ඩයක වටිනාකමට වඩා වටින්නේ එම සන්නාමය බවත් එය තමන් ලබා ගන්න ධනය බවත් ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් අසාර්ථක වන්නේ ඇයි? – Dilith Jayaweera

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් අසාර්ථක වන්නේ ඇයි?🔴 සම්පූර්ණ වීඩියෝව සදහා පිවිසෙන්න > https://youtu.be/hejIvkeuZvQ

Posted by Newshub.lk on Tuesday, September 15, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here