Home Hit දේශීය කර්මාන්තකරුවන්ට ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ ණය ලබාදිය යුතුයි – අගමැති

දේශීය කර්මාන්තකරුවන්ට ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ ණය ලබාදිය යුතුයි – අගමැති

34
0

දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ට ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ ණය පහසුකම් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ දියත උයන පරිශ්‍රයේ පැවති දේශීය කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශිල්ප තර්ස්ඩේ නමින් හස්ත කර්මාන්ත අලෙවි පොලක් හෙට සිට සෑම බ්‍රහස්පතින්දාවකම දියත උයන පරිශ්‍රයේ පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එම වෙළදපොල අද සංකේතාත්මකව විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්.

පැවති ආණ්ඩුව සමයේ දේශිය කර්මාන්තකරුවන් කෙරෙහි නිසි අවධානයක් යොමු නොවූ බවයි මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here