Home Hit කහ හිඟයට ස්ථීර විසඳුමක් ලබාදීමට ලසන්තගෙන් කඩිනම් වැඩපිළිවෙලක්..!

කහ හිඟයට ස්ථීර විසඳුමක් ලබාදීමට ලසන්තගෙන් කඩිනම් වැඩපිළිවෙලක්..!

101
0

දිවයින පුරා ඇතිවී තිබෙන කහ හිඟය කඩිනමින් අවසන් කරමින් නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබේ.

පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ අස්වනු නෙලාගැනීමට ආසන්න මට්ටමේ පවතින වගාබිම් නිරීක්ෂණය කල අමාත්‍යවරයා ගොවීන් හමුවී අස්වැන්න අලෙවි කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවකද නිරත වී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කය තුළ ගොනාගොල්ල සමූපකාර සමිතියේ සාමාජිකයින් ප්‍රමුඛ අනෙකුත් ගොවීන් අක්කර 400කට ආසන්න කහ වගාව සිදුකර ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල කහ වගාව කර තිබෙන ප්‍රමාණයන් ද අනූව 2021 වර්ෂය වන විට රටෙහි කහ අවශ්‍යතාවය 90% ක් සපුරා ගන්නට හැකි බව පුරෝකථනය කර තිබේ. 2022 වන විට සම්පූර්ණයෙන් කහ වලින් ස්වංපෝෂිත රටක් බවට පත්කිරීම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අරමුණයි. අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් කහ කිලෝ මිලියන 10ක අස්වැන්නක් අපේක්ෂා කළ හැකි අතර එයින් කහ කුඩු මිලියන 1.7ක් ලබාගත හැකියාවක් පවතී.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති මාර්ක්ෆඩ් ආයතනය හරහා සාධාරණ මිලකට ගොවීන්ගෙන් කහ මිලදී ගෙන යාන්ත්‍රානුකරණයක් සකස් කර පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට කහ ලබාදීමේ වැඩ පිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Image may contain: 1 person, standing, plant, outdoor and nature
Image may contain: one or more people
Image may contain: 2 people, outdoor
Image may contain: 3 people
Image may contain: 2 people, people sitting, people eating, child and outdoor
Image may contain: 3 people, people standing, tree, outdoor and nature
Image may contain: 4 people, people sitting and table
Image may contain: 1 person, sitting and indoor
Image may contain: 3 people, people sitting
Image may contain: 3 people, people sitting
Image may contain: 1 person, sitting
Image may contain: 7 people, people sitting, table and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here