Home Hit රජයේ පත්වීම් නොලැබූ උපාධිධාරීන් යොමුකළ අභියාචනා සලකා බැලීම අද සිට

රජයේ පත්වීම් නොලැබූ උපාධිධාරීන් යොමුකළ අභියාචනා සලකා බැලීම අද සිට

31
0

රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේදී පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අභියාචනා භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ බවත් අභියාචනා සලකා බැලීම විශේෂ කමිටුවක් හරහා සිදු කෙරෙනු ඇති බව එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කරනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දී ඇති අභියාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නැයි උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ එම අභියාචනා සලකා බැලීම සති දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධීධාරීන් 50,000 කට පුහුණුව ලබා දීම මේ වනවිට ආරම්භ කර තිබේ.

අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here