Home Hit කහ කන්ටේනර් 62 ක් රේගුවේ

කහ කන්ටේනර් 62 ක් රේගුවේ

70
0

මෙරටට ආනයනය කළ කහ කන්ටේනර් 62 ක් රේගුවේ මේ වනවිට රඳවා තිබෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

කහ ආනයනය තහනම් කර ඇති නිසා අදාළ තොග යළි ආනයනය කළ සමාගම් වෙත යැවීමට ආනයනකරුවන්ට අවසර ලබාදෙන බවයි රේගුව සඳහන් කරන්නේ.

මෙම කහ තොග වල වටිනාකම රුපියල් මිලියන 760 ක් වන අතර කහ කිලෝග්‍රෑම් 1,023,859 ක් ඒ අතර වනවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ කහ මෙටි‍්‍රක් ටොන් 30 ක් මේ වනවිට රාජසන්තක කර ඇති බවයි රේගුව ප්‍රකාශ කරන්නේ.

එසේම, පාරිභෝගික සේවා අධිකාරිය නියම කල පාලන මිලට වැඩියෙන් කහ අලෙවි කල වෙළදුන් 140 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය කහ කිලෝග්‍රෑමයක් සදහා නියමකල පාලන මිල රුපියල් 750ක් වන අතර එම පාලන මිලට වඩා කහ අලෙවි කරන්නන් සොයා අඛන්ඩව වැටලීම් සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here