Home Coronavirus 2020 “COVID-19 5-Star ශ්‍රේණිගත කිරීම” ලබාගත් ලොව පළමු ගුවන් තොටුපළ ඉතාලියෙන්

“COVID-19 5-Star ශ්‍රේණිගත කිරීම” ලබාගත් ලොව පළමු ගුවන් තොටුපළ ඉතාලියෙන්

113
0

ජාත්‍යන්තර ගුවන් තොටුපල කර්මාන්ත ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් පිරිනමන “COVID-19 5-Star” ශ්‍රේණිගත කිරීම ලබාගත් ලොව පළමු ගුවන් තොටුපළ බවට රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළ පත්ව තිබෙන බව ‘CNN‘ වාර්තා කරයි.

ස්කයිට්‍රැක්ස් ආයතනය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ගුවන් තොටුපලවල් වර්ගීකරණය සම්බන්ධයෙන් ය. නමුත් කොවිඩ් වසංගත තත්වයත් සමඟ ගුවන්තොටුපලවල් වල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වන වර්ගීකරණයක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත.

ලියෝනාඩෝ ඩා වින්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසද හැඳින්වෙන ෆියුමිසිනෝ ගුවන්තොටුපළ (FCO) ඉතාලියේ කාර්යබහුලම ගුවන් තොටුපළයි.

සැප්තැම්බර් 1 වන දින ගුවන්තොටුපළ පරිශ්‍රයේ වර්ග අඩි 7,000ක කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කළ අතර එය ඉතාලි රතු කුරුස සංවිධානය සමඟ එක්ව කටයුතු කරයි.

ඊට අමතරව බහුවිධ භාෂාවලින් පහසුවෙන් කියවිය හැකි සංඥා ගුවන් තොටුපලෙහි තිබීම, මුඛ ආවරණ පැළඳීම සම්බන්ධ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කාර්‍යයේ යෙදීම සහ කාර්යක්ෂමතාව යන කරුණු සඳහා ගුවන්තොටුපලට ලකුණු පිරිනමා ඇත.

ස්කයිට්‍රැක්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලය එක්සත් රාජධානියේ පිහිටා ඇති අතර ඔවුන් හට මෙතෙක් හැකිවී ඇත්තේ යුරෝපීය ගුවන් තොටුපලවල් නිරීක්ෂණය කිරීමට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here