Home Hit ඉදිරි දින කිහිපය තුල TikTok විකුණා දැමීමට නොහැකි වුවහොත් සිදුවන දේ

ඉදිරි දින කිහිපය තුල TikTok විකුණා දැමීමට නොහැකි වුවහොත් සිදුවන දේ

124
0

ටික් ටොක් යනු ලොව වටා තරුණ තරුණියන් අතර ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථන යෙදවුමක් (app).

නමුත් එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට අයත් මෙම ජංගම දුරකථන යෙදුම විකිණීමට හෝ වසා දැමීමට කටයුතු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ට්‍රම්ප් පරිපාලනය කියා සිටින්නේ ටික්ටොක් සහ අනෙකුත් චීන යෙදුම් එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

චීන සමාගමක් වන බයිට් ඩෑන්ස් වෙතින් ටික් ටොක් මිලදී ගැනීම සඳහා වන තරඟයට සුප්‍රකට තාක්ෂණික සමාගම් වන මයික්‍රොසොෆ්ට් සහ ඔරකල් යන සමාගම් ඉදිරිපත්ව තිබුණි.

කෙසේ වෙතත් Tik Tok යෙදවුමේ අමෙරිකානු මෙහෙයුම් මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව ඔවුන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔරකල් සමාගම විසින් අදාල යෙදවුම මිලදීගනු ඇති බවට අනාවැකි පළවෙමින් පවතී.

(BBC)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here