Home Hit ලෝක වෙළඳ මධ්‍යස්ථානයට තස්ත්‍ර ප්‍රහාරයක් එල්ල වී අදට වසර 19යි

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට තස්ත්‍ර ප්‍රහාරයක් එල්ල වී අදට වසර 19යි

92
0

2001 වසරේ සැප්තැම්බර් මස 11 වනදා ලෝකෙම කම්පා කරවමින් ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 19ක් සපිරෙනවා.

අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ.

ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා. තවත් ගුවන් යානයක් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව අතරමඟ දී අනතුරට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා එවකට සදහන් කර සිටියේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 3000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 6000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මෙම අවස්ථාව සිහිපත් කරමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ, පෙන්ටගනයේ සහ සැප්තැම්බර් 11 ප්‍රහාරය සඳහා පැහැරගෙන ගිය යුනයිටඩ් එයාර්ලයින්ස් 93 ගුවන් යානය අනතුරට ලක්වූ ස්ථානය ආලෝකමත් වී තිබූ අයුරුයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here