Home Cricket හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත දැයෙන් සමු ගනියි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත දැයෙන් සමු ගනියි

117
0

70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වූ අතර එක්දින තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලදි.

අයර්ලන්තයේ පළමු පෙළ තරග සඳහා ද එක් වූ ටෝනි ඕපාත මහතා නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.


1975 ලෝක කුසලාන කණ්ඩායම
ඉදිරිපෙළ (Seated) : වමේ සිට- ඩේවිඩ් හයින්, අනුර තෙන්නකෝන්, K. M. T. පෙරේරා ( Manager) මයිකල් තිසේරා, රංජිත් ප්‍රනාන්දු.

පසු පෙළ ( Standing) : වමේ සිට- දුලිප් මෙන්ඩිස්, ලලිත් කළුපෙරුම, සුනිල් වෙත්තමුණි, ටෝනි ඕපාත, මෙවන් පීරිස්, අජිත් ද සිල්වා, ඩී එස් ද සිල්වා, ඩෙනිස් චන්මුගම්, අනුර රණසිංහ, බන්දුල වර්ණපුර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here