Home Hit පාතාල වෙඩික්කරුවෙක් වන “සොල්ටා’ පොලිස් වෙඩි පහරින් මරුට

පාතාල වෙඩික්කරුවෙක් වන “සොල්ටා’ පොලිස් වෙඩි පහරින් මරුට

99
0

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වූ ඝාතන රැසකට සම්බන්ධ අසිත හේමතිලක හෙවත් “සොල්ටා”, මුල්ලේරියාව වැලිවිටදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.

මියගොස් ඇති සැකකරු මීට පෙර මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා සමඟ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස් ව ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු බන්ධනාගාරගතව සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයන්ට ආහාර පාන රැගෙනගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔහු පන්නිපිටියේ රූපලාවන්‍ය ශිල්පිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු බවයි සඳහන් වන්නේ.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ශරීර සුවතා මංතීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේද සොල්ටා නමැති මෙම සැකකරු බව පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here