Home Hit කුරුණෑගල නගරාධිපති ගොණුකල රිට් පෙත්සම අද සළකා බලයි

කුරුණෑගල නගරාධිපති ගොණුකල රිට් පෙත්සම අද සළකා බලයි

53
0

තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ගොණුකල රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුලූ පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස දක්වා තිබෙනවා.

කුරුණෑගල නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටින කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුලූ විත්තිකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා දෙවන වරටත් වරෙන්තු නිකුත් කලේ.

එමෙන්ම විත්තිකරුවන්ට රටින් පිටවීමද තහනම් කර තිබෙනවා.

කුරුණෑගල නගරයේ පිහිටි 13 වන සියවසට අයත් බව කියන ඉපැරණි ගොඩනැගිල්ලක් ඩෝසර් කර විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුලූ විත්තිකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය 7 වනදා නියෝග කර තිබුනා.

එහෙත් විත්තිකරුවන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොතිබීම සහ ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගනිමින් යලි වරෙන්තු කිරීමටයි පෙරේදා දින පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එම වරෙන්තු නියෝගය වැඩබලන පොලිස්පතිවරයා / කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කුරුණෑගල පොලිස් අධිකාරිවරයා හරහා ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම නියෝගයට අදාලවයි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඊයේ(11) දිනයේදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here