Home Hit නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

168
0

මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් වීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදුකරනු ලබනවා.

පසුගිය 10 වනදා අමාත්‍යාංශ 28 ක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අද පත්වූ නව කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා – කර්මාන්ත කටයුතු අමාත්‍ය

ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා දේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

දිනේශ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

ගාමිණී ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය

ආර් එම් සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

එස්. එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන – වරාය සහ නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ – තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි – අධිකරණ අමාත්‍ය

හිටපු ජනපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍ය ධුරයක් මෙවර හිමි නොවීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here