Home Hit මාලක සිල්වාට ඇප

මාලක සිල්වාට ඇප

94
0

ඊයේ(11) රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී තිබෙනවා.

ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මස 15 සහ 16 දෙදින තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවීමට අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂයක මුදලක් සැකකාර මාලක සිල්වා ඉල්ලා ඇති බව පොලිසිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here