Home Hit ‘මේ රට චීනයට යටවෙලාද? අඩි 6ක වගේ වතුරට බස්සනවා බෑ කිව්වොත් ගෙදර...

‘මේ රට චීනයට යටවෙලාද? අඩි 6ක වගේ වතුරට බස්සනවා බෑ කිව්වොත් ගෙදර පලයන් කියනවා’

182
0

චීන වරාය සමාගම විසින් ගිවිසුම්ගත වූ කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට අනුයුක්ත ශ්‍රී ලාංකික සේවකයින් අසාධාරණ ලෙස රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වනවා.

වසර 2ත් 5ත් අතර කාලයක් තිස්සේ පෝර්ට් සිටි ව්‍යාපෘතියට සම්බන්ධ වූ සේවකයින් COVID-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 20 සිට රැකියා විරහිත තත්වයට පත්ව ඇති බව ඔවුන් පවසයි.

විරෝධතාවයේ නියුතු කම්කරුවන් චෝදනා කරන්නේ COVID-19 හේතුවෙන් ඔවුන්ගේ විරැකියා කාලය තුළ කම්කරු දෙපාර්තමේන්තුව විසින් ගෙවීමට නියමකර ඇති අවම වැටුප වන රු. 14,500 / =ක මුදල චීන කොන්ත්‍රාත්කරු (චයිනා වරාය සමාගම-CHC) විසින් ඔවුන්ට නොගෙවන බවයි.

ඒ අතරම විරෝධතාකරුවන් චෝදනා කරන්නේ තමන්ට ව්‍යාපෘති පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇති අතර චීන ජාතිකයින්ට පමණක් නිදහසේ සැරිසැරීමට අවසර පත්‍රයක් ලබා දී ඇති බවයි.

චීන වරාය සමාගම (CHC) විසින් සිදුකළ කම්කරු නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් පිළිබඳව පැමිණිලි කරමින් සේවකයින් පවසන්නේ ඔවුන්ගේ මුළු සේවා කාලය තුළම ඔවුන්ට වැටුප් කප්පාදුවක් හෝ එප්ෆ් / ඊටීඑෆ් අඩු කිරීම් සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් කර නොමැති බවත් මාර්තු මාසයේ සිට ඔවුන්ගේ වැටුප් ගෙවන ලද ගෙවීම් පත ඔවුන්ට ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ වරාය නගර ව්‍යාපෘති කළමණාකරු යන සියලු දෙනාට පැමිණිලි කර ඇතත් මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔවුන් පවසයි.

ශ්‍රී ලාංකික සේවකයින්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොමැතිව ඉහළ ගෙවීම් යටතේ කිමිඳුම් කරුවන් පමණක් සේවය කළයුතු මුහුදු ජලය පිරී ඇති අඩි 6ක් පමණ ගැඹුර වලවල් වලට චීන කොන්ත්‍රාත්කරු විසින් සාමාන්‍ය සේවකයින්ව යොදවන බවටත් එහි ඇති ජීවිත අවධානම පිළිබඳව පවසා විට සේවයෙන් පහකරන බවට තර්ජනය කරන බවටත් ඔවුන් මෙහිදී චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here