Home Hit අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂිටත් නොතීසි

අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂිටත් නොතීසි

98
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට මේ මස 27 වැනිදා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ 11 දා නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයකුද වන රෝහිත බෝගොල්ලාගම මහතා විසින් පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙසේ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය අසත්‍ය කරුණු මත පදනම්ව දේශපාලන බලපෑම් මත තමාට නඩු පැවරූ බවට රෝහිත බෝගොල්ලාගම මහතා විසින් මෙම ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබිණි.

මෙම පැමිණිල්ලට අදාළව දිල්රුක්‍ෂි වික‍්‍රමසිංහ මහත්මිය පමණක් වගඋත්තරකරුවකු ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටින බව රෝහිත බෝගොල්ලාගම මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥයා දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here