Home Hit එජාප නායකත්වයට නම් අටක්

එජාප නායකත්වයට නම් අටක්

152
0

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි.

පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ නායකත්වය සඳහා මේ වනවිට නම් අටක් යෝජනාවී ඇති බවයි. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන මෙලෙස යෝජනා වී ඇති නම් අතර වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ රැඳී සිටින අතර ඔහු ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කණ්ඩායම අතරින් කෙනෙකු නව නායකත්වය සඳහා තෝරා පත් කර ගන්නා ලෙසයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නොමැති අතර, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අනිද්දාට පෙර අදාළ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here