Home Hit අධිකරණ අමාත්‍යධූරය අලි සබ්‍රිට

අධිකරණ අමාත්‍යධූරය අලි සබ්‍රිට

144
0

අභිනව රජයේ කැබිනට් මණ්ඩලය අද(12) මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මගුල් මඩුවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා.

නව රජයේ අධිකරණ විෂය භාර කැබිනට් අමාත්‍යධූරය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාට හිමිවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නීතිඥවරයා වශයෙන් දීර්ඝ කාලයක් පුරා ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි අලි සබ්‍රි මහතා පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකලා.

අලි සබ්‍රි මහතා මෙවර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි අතර අභිනව කැබිනට් මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් අමාත්‍යවරයා වනුයේද ඒ මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here