Home Hit රාජ්‍ය ඇමතිකම එපා කියා හිටපු අමාත්‍යවරයෙක් ගෙදර යයි

රාජ්‍ය ඇමතිකම එපා කියා හිටපු අමාත්‍යවරයෙක් ගෙදර යයි

697
0

අභිනව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යධූරයක් සදහා පත්වීමට නියමිතව සිටි කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ හිටපු අමාත්‍යවරයෙක් එම රාජ්‍ය අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කොට පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා.

අධ්‍යාපන විෂය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යධූරයන් හතරෙන් එක් රාජ්‍ය අමාත්‍යධූරයක් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය සදහා ඔහුව නම් කොට තිබූ බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කලේ.

අද දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබුනද, කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ හිටපු අමාත්‍යවරයාගේ නොපැමිණීම හේතුවෙන් 39 දෙනෙකු පමණක් ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here