Home Hit මොරිෂස් දිවයින අසළ අනතුරට පත් නෞකාවෙන් තෙල් ටොන් දහසක් ඉන්දීය සාගරයට (PHOTOS)

මොරිෂස් දිවයින අසළ අනතුරට පත් නෞකාවෙන් තෙල් ටොන් දහසක් ඉන්දීය සාගරයට (PHOTOS)

106
0

ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

බොරතෙල් ටොන් 4,000ක් පමණ රැගත් මෙම නෞකාව මොරිෂස් දුපත ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

MV Wakashio යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල්පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

තෙල් ටොන් 4000ක් රැගත් MV Wakashio නැමති මෙම තෙල් නෞකාවෙන් ඉන්ධන ඉවත් කර ගැනීමට මොරිෂස් බලධාරීන් කටයුතු කළ ද ඊට අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නාත් සඳහන් කළේ තෙල් ටොන් 500ක් පමණ ඊයේ දිනයේදී එලෙස ඉවත් කර ගැනීමට හැකි වූ බවයි.

මේ අතර කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දුපත් සමුහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තිරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දුපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසුවූ බොරතෙල් ඉවත් කිරිමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Image may contain: ocean, outdoor, water and nature, text that says '©AP'
Image may contain: cloud, sky, ocean, outdoor, water and nature, text that says '©L'Express Maurice AFP via Getty'
Image may contain: ocean, water, sky, outdoor and nature
Image may contain: shoes and outdoor
Image may contain: one or more people, outdoor and nature
Image may contain: airplane, sky and outdoor
Image may contain: sky, outdoor, water and nature
Image may contain: outdoor, water and nature
Image may contain: sky, outdoor and water, text that says 'L'Express Maurice/AFP via Getty'
Image may contain: 2 people, people standing, sky, cloud and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here