Home Coronavirus 2020 නවසීලන්තයේ නැවතත් කොරෝනා අවදානමක්..!

නවසීලන්තයේ නැවතත් කොරෝනා අවදානමක්..!

116
0

නවසීලන්තයෙන් කොරෝනා සමාජ ව්‍යාප්තියක් පිළිබඳව වාර්තා වේ.

දින 102කට පසුව නිරෝධායන මධ්‍යස්ථානයකින් හෝ ස්වයං නිරෝධායනය වන ස්ථානයකින් පරිබාහිරව මෙවන් සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩන් පවසයි.

නවසීලන්තයේ දකුණු ඕක්ලන්ඩ් හි වෙසෙන පවුලක සාමාජිකයින් හතර දෙනෙකු පිළිබඳව මෙසේ වාර්තා වී ඇති බවත් මෙම පවුල විදේශ සංචාර වල නිරත වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

වයස 50ක් පමණ වන එම පවුලේ සාමාජිකයෙක් රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඔහුව පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව පළමුව සොයාගෙන ඇත.

ඔහුව දෙවරක්ම පරීක්ෂාවට ලක් කළ අතර එම පරීක්ෂණ දෙකෙහිම ප්‍රතිඵල වලින් තහවුරු වූයේ ඔහු කොරෝනා ආසාදිතයෙක් බවයි.

ඉන් පසුව ඔහුගේ නිවසේ පදිංචි පවුලේ සාමාජිකයන් 6 දෙනෙක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන් තිදෙනෙක් හට කොරෝනා ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදි. එම පවුලේ සමීපතයන් පිළිබඳව පරීක්ෂා කෙරෙමින් පවතින බව වාර්තා වේ.

Covid-19 is back in NZ – Auckland in lockdown, rest of country in level 2

Prime Minister Jacinda Ardern has announced Auckland will go into lockdown and the rest of the country will go into level 2.It comes after four cases of community transmission from the same family were confirmed – after 102 days without any.

Posted by nzherald.co.nz on Tuesday, August 11, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here