Home Hit බේරූට් පිපිරීමෙන් පසුව ලෙබනන් රජය ඉල්ලා අස් වෙයි

බේරූට් පිපිරීමෙන් පසුව ලෙබනන් රජය ඉල්ලා අස් වෙයි

133
0

ලෙබනනයේ රජය ඉල්ලා අස්වී ති බව BBC ලෝක සේවය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා (04) ලෙබනනයේ බේරූට් නුවර 200 කට අධික පිරිසකට මරු කැඳවමින් සහ 6000කට අධික පිරිසක් තුවාල ලබමින් සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් එරට සමාජය තුල ඇති වූ දැඩි ප්‍රකෝපකාරි තත්වය මධ්‍යයේ එරට රජය මෙම තීරණයට එළඹ ඇත.

ඊයේ (10) සන්ධ්‍යාවේදී අග්‍රාමාත්‍ය හසන් ඩයබ් මහතා විසින් එරට ජාතික රූපවාහිනී නාලිකාවක් හරහා ජාතිය අමතමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Hassan Diab, pictured in December 2019.
අග්‍රාමාත්‍ය හසන් ඩයබ් මහතා

එරට නායකයන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම දූෂණය පිළිබඳව ලෙබනනයේ ජනතාව චෝදනා කර සිටියි. මෙසේ දින 3ක් පුරාවට පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නිරන්තර ගැටුම් ඇති විය.

Riot police fired weapons during anti-government protests in Beirut
පොලිසි‍යේ කැරලි මර්දන ඒකකය විරෝධතාවන් මර්ධනය කිරීම – REUTERS
Demonstrators gather at a protest in Beirut on Saturday.
බේරූට් හි රැස්වූ විරෝධතාකරුවන්
Protesters angry about corruption threw fireworks in Beirut on Monday
බේරූට් හි විරෝධතාකරුවන් – REUTERS

වසර ගණනාවක් පුරාවට එම වරායේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පුපුරා යාමෙන් මෙම දැවැන්ත පිපිරීම සිදුවිය.

Volunteers cleaning the streets on Wednesday in Beirut, Lebanon, a day after the blast in the city’s port area.
බේරූට් හි වීදි පිරිසිදු කරන ස්වේච්ඡා සේවකයන්

නමුත්, නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ජනාධිපති මයිකල් අවුන් රජයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔපෙරා හවුස් හදී අද රාත්‍රියේදී ලෙබනන‍යේ පිපිරීම පිළිබඳව ශෝකය පළ කළ අයුරු පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here