Home Coronavirus 2020 ලොව පුරා Covid -19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි දෙක ඉක්මවයි

ලොව පුරා Covid -19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි දෙක ඉක්මවයි

96
0

ලොව පුරා Covid -19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි දෙක ඉක්මවා තිබෙනවා. ලොව පුරා ආසාදිතයන් 20,023,016ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 733,975ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවනවා. දෛනික මරණ 1,013ක් සමඟ එරට මුළු මරණ සංඛ්‍යාව 44,466 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දෛනික ආසාදිතයන් 62,117 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ විසි දෙලක්ෂ 14,137 ක් ලෙසයි.

ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 65,608ක් ලෙස සටහන් වන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 51 ලක්ෂ 99,431ක් ලෙස දැක්වෙනවා.

බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 1,136ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ 30 ලක්ෂ 35,582 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here