Home Hit “ජනතා ප්‍රතිචාරය වුනේ නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ හිටියා ඇති කියන එක” – නිරෝෂන්

“ජනතා ප්‍රතිචාරය වුනේ නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ හිටියා ඇති කියන එක” – නිරෝෂන්

175
0

මෙවර තමන්ගේ පරාජය මහා ජයග්‍රහණයක ආරම්භය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි.

මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය අනුගාමිකයින් අමතා ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙවර තමන්ගේ පරාජය පෞද්ගලික පරාජයක් ලෙස නොදකින බවත් එයින් තමන් නොවැටුන බවත් තමන් හා මහා ජනතාවක් සිටින බවත්ය.

තමන්ගේ පන්තියේ කෙනෙකු පැමිණෙන තුරු ඩ්ස්පලනය අත්නොහරින බව පැවසු ඒ මහතා කියා සිටියේ ප්‍රචාරණයේදී කිසිම තැනක තමන් මනාපයක් තමාට ලබාදීමට කටයුතු කරන්නට ඉල්ලුවේ නැති බවත් සුදුසු අය පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කිරීමට උත්සහ කරන ලෙසත්ය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී විවිධ මිනුම් දඬු ඇති වූ බවත් එහිදී “ජනතා ප්‍රතිචාරය වුනේ නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ හිටියා ඇති කියන එක” බත් නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය

නිරෝෂන් ප්‍රේමරත්න මහතා දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here