Home 2020 General Election UNP නායකයා රනිල්මද කියලා තාම තීරණයක් නෑ – එජාප ජ්‍යෙෂ්ඨයන්

UNP නායකයා රනිල්මද කියලා තාම තීරණයක් නෑ – එජාප ජ්‍යෙෂ්ඨයන්

146
0

එක්සත් ජාතික පක්ෂය ලද විශාල පරාජයෙන් අනතුරුව සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිටකොට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (07) රෑස්විය.

එම රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් දක්වන ලදි.

ජනාධිපතිවරයාට සහය දෙන ආණ්ඩුවක් තිබිය යුතු යැයි ජනතාව විශ්වාස කිරීම පොදු ජන පෙරමුණ ලද ජයග්‍රහණයට හේතු වන්නට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස පක්ෂයෙන් ඉවත් වීම තම පක්ෂය ලද පරාජයට හේතුවන්නට ඇති බවත් හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

අද පැවති රැස්වීමේදී නායකත්වයේ වෙනසක් සිදු කිරීම ගැන සාකච්ඡා නොවූ බවත් පක්ෂයෙ ඉදිරි ගමන සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය ගැන බවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.

සිය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත් කරනු ලබන්නේ කවරෙක්ද යන්න පිළිබඳව තවමත් තීරණයක් නොමැති බවත් පක්ෂය විසින් එය ඉදිරියේදී තීරණය කරනු ඇති බවත් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here