Home Hit ධාවන පථයෙන් ඉවතට යාමෙන් එයාර් ඉන්දියා යානයක් අනතුරට ලක්වේ

ධාවන පථයෙන් ඉවතට යාමෙන් එයාර් ඉන්දියා යානයක් අනතුරට ලක්වේ

141
0

කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසින අතරතුර ගුවන් ධාවන පථය මඟ හැරීමෙන් පසු එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස් ගුවන් සේවයට අයත් යානයක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී අනතුරට ලක්ව ඇති බව සීඑන්එන් නිව්ස් 18 වාර්තා කරයි.

බෝයිං 737 යානයක් වන මෙම යානයේ මගීන් 174 දෙනෙකු සිටි බවත් ගොඩබෑමේදී කිසිඳු ගින්නක් ඇති වී නොමැති බවත් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් සීඑන්එන් වෙත ලබාදෙන ලද නිවේදනයක දැක්වෙන බව ඔවුන් වාර්තා කර සිටිනවා.

උපගුවන් නියමු අඛිලේෂ් බරපතල තුවාල ලබා ඇති බවත් ගොඩබෑමේදී අධික වර්ෂාවක් තිබූ නිසා දෘශ්‍ය පථය කිලෝමීටර් 2 ටත් වඩා අඩු වී ඇති බවත් ඉන්දීය Deccan Herald පුවත් සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here