Home Hit 2020 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

2020 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

60
0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වුණා.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක්.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි.

වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැටහතරකි.

ඡන්ද විමසීම පස්වරු 5.00 ට අවසන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here