Home Hit වෙඩි තියන්න තමයි හැම ඡන්ද මධ්‍යස්ථානෙකටම ගිණි අවි දෙකක් දීලා තියෙන්නේ

වෙඩි තියන්න තමයි හැම ඡන්ද මධ්‍යස්ථානෙකටම ගිණි අවි දෙකක් දීලා තියෙන්නේ

102
0

මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව සෑම පොලිස් කොට්ඨාසයකටම කැමරා ලබා දුන් බවයි.

බලය භාවිතා කිරීම වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ඇති බවත් ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසනවා.

ඒ අනුව තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ ශරීරය හෝ දේපළ ආරක්ෂා කිරීම සඳහා බලය භාවිතා කළ හැකි අතර එම බලයේ සීමාව තීරණය වන්නේ අවශ්‍යතාව අනුව බවත් අවශ්‍ය නම් වෙඩි තැබීමක් වුවද සිදු කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

“අවශ්‍යතාවය වෙඩි තැබීම නම් වෙඩි තියන්න පුළුවන්. වෙඩි තියන්න තමයි ගිණි අවි දෙකක් දීලා තියෙනවා හැම මධ්‍යස්තානෙකටම අවම වශයෙන්. ගිණිඅවි පාවිච්චි කරන්න අවශ්‍ය උනොත් පාවිච්චි කරන්න බලය තියෙනවා” යැයි ඒ මහතා පවසයි

සාමකාමී මැතිවරණයක් උදෙසා නීතිවිරෝධී ක්‍රියාකාරම් මැඬලන අන්දම…

සාමකාමී මැතිවරණයක් උදෙසා නීතිවිරෝධී ක්‍රියාකාරම් මැඬලන අන්දම…Watch more: https://youtu.be/6l2ihLQWNpE#lka #News1st #GeneralElection2020 #SLPolice #ULG

Posted by Newsfirst.lk on Tuesday, August 4, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here