Home Hit හෙට පැවැත්වෙන මහ මැතිවරණය ගැන තොරතුරු සැකෙවින්

හෙට පැවැත්වෙන මහ මැතිවරණය ගැන තොරතුරු සැකෙවින්

58
0

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (05) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී.

ශ්‍රී ලංකාව තුල පරිපාලන දිස්ත්‍රික්කයන් 25ක් පවතින නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් 3 එක් කර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය නමින් එක් බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක‍යක් නිර්මාණය කරන ලදි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව සිටින්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දෙලක්ෂ අසූහත්දහස් විසිහතරකි.

වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැටහතරකි.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත අතර අදාළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදුකෙරුණි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක – https://si.wikipedia.org/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here