Home Hit “ආණ්ඩුව මොන හොරකම කළත් අපි නිහඬව ඉන්න ඕනෙ, හැප්පිලා බලමු” – බොදුබල...

“ආණ්ඩුව මොන හොරකම කළත් අපි නිහඬව ඉන්න ඕනෙ, හැප්පිලා බලමු” – බොදුබල සේනාව

360

“වැඩිපුර බලයක් ආවම වැඩිපුර වැරදි කරනවා”

“කාගෙද ඒ කොම්පැණි දෙක? ඒක ජොන්ස්ටන්ගෙද? නාමල්ගෙද? නැත්තං පීබී ජයසුන්දරගෙද?”

“මෙහෙම පොඩි පොඩි කෑලි විකුණන්නෙ නැතුව මේක ඔක්කොම විකුණලා දාන්න”

“දේශප්‍රේමී සළු පොරවගෙන මොන හොරකම කළත් අපි නිහඬව ඉන්න ඕනෙ.”

කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ (01) බොදු බලසේනාවේ මහා සංඝරත්නයද ආශිර්වාද කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව මැතිවරණයට පෙර රජය විසින් ප්‍රකාශ කළ යුතු බවත් එසේ නොකළහොත් ස්වාමීන්වහන්සේලා දහස් ගණනක් සමඟ මෙහි වැඩම කරන බවත් ය.

” දැන් හීන මවන් ඉන්නවා තුනෙන් දෙක ගැන. දේශප්‍රේමී සළු පොරවගෙන මොන හොරකම කළත් අපි නිහඬව ඉන්න ඕනෙ. පොඩ්ඩක් අත උස්සලා විරුද්ධ උනොත්, දේශද්‍රෝහී. අපි එක දෙයක් කියනවා ආණ්ඩුවට, තමන්ගේ බලය පවත්වාගෙන යාමට රටට ද්‍රෝහිකම් කළාට ජාතියට ද්‍රෝහිකම් කළාට රටටවත් ජාතියටවත් අපි ද්‍රෝහිවෙන්නේ නෑ.

අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මෙහෙම පොඩි පොඩි කෑලි විකුණන්නෙ නැතුව මේක ඔක්කොම විකුණලා දාන්න. ගිය ආණ්ඩු සමයෙත් මේ නැගෙනහිර පර්‍යන්තය බදු දීම සම්බන්ධයෙන් ගිවිසුමක් සකස් කරලා තිබ්බට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයට කොන්දක් තිබ්බා ඒක වලක්වා ගන්න.

මේ සේවකයෝ දොඹකරේ උඩ ඉද්දි කැබිනට් පත්‍රිකාවක් දානවා. කොයි තරම් මුග්ධ ද? ගිවිසුමට අනුව ආණ්ඩුවට අයිති 51% ඇතුලේ කොම්පැණි දෙකක් තියෙනවා නම් නැති. කාගෙද ඒ කොම්පැණි දෙක? ඒක ජොන්ස්ටන්ගෙද? නාමල්ගෙද? නැත්තං පීබී ජයසුන්දරගෙද?

කලිනුත් ඔහොමනේ. අපිට මතකයි මේගොල්ලොන්ට වැඩිපුර බලයක් ආවම වැඩිපුර වැරදි කරනවා. අපි මුළු කොළඹම අක්‍රීය කරනවා. බලමු හැප්පිලා. ඔය චණ්ඩි ඔතන ඉන්නෙ අපි හින්දා. ඔය තියරි අපිත් දන්නවා.” යැයි උන්වහන්සේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here