Home Hit සුජීව සේනසිංහ හෙළි කරන රනිල්-මහින්ද ඩීල් එක (VIDEO)

සුජීව සේනසිංහ හෙළි කරන රනිල්-මහින්ද ඩීල් එක (VIDEO)

155
0

මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණත් සමඟ ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති බවට හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා චෝදනා කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා බෙදුම්වාදයට සහය දක්වන කෙනෙක් බවට වසර 25ක් පුරාවට කළ චෝදනාව අසාධාරණ බවට උදය ගම්මන්පිළ මහතා කළ ප්‍රකාශය එහිදී සුජීව සේරසිංහ මහතා මාධ්‍යයට පෙන්වා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීත් ආරාධනයක් නොමැතිවම හූ හඬ මැදින් රනිල් වික්‍රමසිංහ, දයා ගමගේ, රවී කරුණානායක, ජෝන් අමරතුංග , වජිර අබේවර්ධන සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් එම උත්සවයට සහභාගී වූ බවත් ගෝඨාභය මහතා ඔවුන්ව තැකීමකට ලක් නොකලත් මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ව පිළිගත් බවත් ඒ මහතා පවසනවා.

ආණ්ඩුවේ මුදලින් යැපෙමින් ආරක්ෂක භටයන් සමඟ සිටීම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවත් ඒ වෙනුවෙන් තමන්ගේ පක්ෂයට ලැබෙන ආසන කීපයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඔහු සූදානම් වන බවත් ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here