Home Hit මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – මැතිවරණ කොමිසම

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – මැතිවරණ කොමිසම

61
0

ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වනවා.

ඒ අනුව එතැන් සිට සුපුරුදු පරිදි මැතිවරණ නීති බලාත්මක විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව එම කාලය තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන කිසිදු ප්‍රචාරණ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු වනවා.

නිහඬ කාලය තුළ අනීතික ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මගින් සියළුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here