Home Hit අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

27
0

වර්ජනයේ නිරත වරාය සේවකයන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අද (02) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි.

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදියි.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය වෘත්තිය සමිති අතර සාකච්ඡාවකින් අනතුරුව අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න අද උදෑසන කියා සිටියේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහයේ පස්වැනි දිනටය අදයි.

කෙසේ වෙතත්, සිය ඉල්ලීම් වලට විසදුම් නොලැබීම හේතුවෙන් ඔවුන් මීට දින 03 කට පෙර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ හේතුවෙන් කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබුණා.

ඊයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ විරෝධතාව අතරතුර කොළඹ වරාය ප්‍රධාන මාර්ගය කන්ටේනර් රථ යොදා අවහිර කර තිබුණා.

පසුව පොලිසිය කල ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් අධිකරණ නියෝග කර තිබුණේ මහජන පීඩා ඇති වන ආකාරයෙන් වරාය ප්‍රධාන මාර්ගය සහ අවට රාජ්‍ය ආයතන වලට පිවිසෙන මාර්ග අවහිර නොකරන ලෙසයි.

ඒ අනුව අදාල අධිකරණ නියෝගයට අනුව විරෝධතාකරුවන් එම මාර්ගය විවෘත කිරීමට ඊයේ රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here