Home Hit අද දින පැවැත්වෙන අවසන් මැතිවරණ රැලි

අද දින පැවැත්වෙන අවසන් මැතිවරණ රැලි

46
0

ප්‍රධාන පක්ෂ තම අවසන් ජන හමු පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව අද පස්වරු 6ට කොළඹ – අලූත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු අද දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව අද පස්වරු 05ට එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තංගල්ල – කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තම පක්ෂයේ අවසන් ජන හමු අද දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මරදාන – ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් අද ගාල්ල දිස්ත්‍රික්කයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව අද පැවැත්වීමට නියමිතව ඇත්තේ අලූත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

මහ මැතිවරණයට අදාළව සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජන හමු ද අද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here